වසර 15ක් තිස්සේ සෞදි ගිය බිරිඳ සොයන සැමියා - Hiru News
වසර 15ක් තිස්සේ සෞදි ගිය බිරිඳ සොයන සැමියා වසර 15 කට පමණ පෙර විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබියට ගිය තම බිරිඳ පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ගලේවෙල ප්රදේශයේ තිදරු පියෙකු පවසනවා. සෞදි අරාබියට ගොස් මසකට පමණ පසුව දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර, ඉන් පසුව ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බවයි ඇයගේ සැමියා ප්රකාශ කළේ. 49 හැවිරිදි ටී.එම්.නීලමනී තෙන්නකෝන් මෙලෙස 2005 වසරේදී සෞදි අරාබියට ගෘහ සේවිකාවක ලෙස පිටත්ව ගොස් ඇත්තේ සිය නිවස සාදා ගැනීමේ අරමුණින්. තම බිරිඳ ගෙන්වා දෙන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද අවස්ථා කිහිපයකදීම ඇයගේ සැමියා වන ආර්.එම්. සුරවීර ඉල්ලීම් කර තිබෙනවා. එම කාන්තාවගේ දරුවන් තුන්දෙනා අතුරින් දියණිය වන 28 හැවිරිදි දිනූෂා හර්ෂනී හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් බලධාරීන් වෙතින් ඉල්ලීමක් කළා. ඇය කියා සිටියේ තම මව ජීවතුන් අතර සිටින බවට විශ්වාසයක් පවතින බැවින් ඇය, හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා දීමට කටයුතු කරන ලෙසටයි. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment