ආබාධිත රණවිරුවන් මහනාහිමිවරුන් හමුවට - Hiru News
ආබාධිත රණවිරුවන් මහනාහිමිවරුන් හමුවට සිය ඉල්ලීම් දිනාගන්නා තුරු කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහය අත් නොහරින බව විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පවසනවා. මියගිය, ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා ලබා දෙන බවට පොරොන්දු වු වැටුප් ලබානොදීමට එරෙහිවයි ඔවුන් 5 වන දිනටත් සත්‍යග්‍රහයේ නිරතවන්නේ. විවිධ දේශපාලන පක්ෂ නියෝජනය මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, සහ ක්‍රීඩකයින් සත්‍යග්‍රහය නිරත රණවිරුවන් හමුවට පැමිණ ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබුවා. අද පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුලූ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ද සත්‍යග්‍රහයේ නිරත රණවිරුවන් හමුවීම සඳහා පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් පිරිසක් ඔවුන් සිදුකරන සත්‍යග්‍රහය සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් බැහැදැකීමට අද උදෑසන පැමිණි බව මහනුවර හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment