එල්ලවන චෝදනාවලට නව යුද හමුදාපතිගෙන් මහනුවරදී පිළිතුරක් - Hiru News
එල්ලවන චෝදනාවලට නව යුද හමුදාපතිගෙන් මහනුවරදී පිළිතුරක් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය තනතුරට පත්වීමෙන් අනතුරුව අද ප්‍රථම වරට දළඳා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණියා. පළමුව හමුදාපතිවරයා මල්වතු මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර, එම පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද බැහැදුටුවා. පසුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමටද යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ තවදුරටත් රට ආරක්ෂා කිරීමටත්, මහජනතාව ආරක්ෂා කරගැනීමටත් යුද හමුදාවට හැකියාව පවතින බවයි. එමෙන්ම නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද සන්ධ්‍යාවේ ජයශ්‍රී මහ බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිත බවයි යුදහමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment