උදෑසනම ගමක් සසල කළ මාරක බස් අනතුර - Hiru News
උදෑසනම ගමක් සසල කළ මාරක බස් අනතුර කළුතර උතුර - වස්කඩුව ප්‍රදේශයේදී ගාලූ පාරේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. ලංගම බස් රථය තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් පනස් දෙදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. ඒ අතර පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු සහ කාන්තාවන් අටදෙනෙකු මෙන්ම කුඩා දරුවෙකුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. මියගිය පිරිස අතර කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews

Comments
Post a Comment